කිලිනොච්චි ධාන්‍ය ගබඩාව අද ජනතා අයිතියට

Share Button

මෙට්‍රික් ටොන් දස දහසකට වඩා අස්වැන්න ගබඩා කර තැබිය හැකි, කිලිනොච්චියේ ඉදිකළ අංග සම්පූර්ණ ධාන්‍ය ගබඩාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) සවස 2.00 ට ජනතා අයිතියට පත් කෙරේ.

මෙම ගබඩාව ඉතා නවීන තාක්ෂණ ක්‍රමවේදයන්ට අනුකූලව අස්වනු කල්තබා ගැනීමේ හැකියාවෙන් යුක්තය.ගොවි ජනතාවට සිය අස්වැන්න මෙහි ගබඩා කොට තබා මිල ඉහළ ගිය විට වැඩි මිලකට අලෙවි කර ගැනිමට අවස්ථාව සලසා දීම රජයේ අපේක්ෂාවයි.

වී, බඩඉරිඟු,මුං,සෝයා, ඇතුළු ධාන්‍ය වර්ග පහක් මෙහි ගබඩා කළ හැකි අතර තමන් ගබඩා කරන අස්වැන්නෙන් 70%  ක වටිනාකමට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් 7% ක අඩු පොලී ණය ලබා ගැනීමේ හැකියාව ද පවතියි.

ධාන්‍ය ගබඩාව විවෘත කිරීමේ අවස්ථාවට මංගල සමරවීර, එරාන් වික්‍රමරත්න යන අමාත්‍යවරුන් හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රධාන සම්භාවනීය අමුත්තන් රුසක් සහභාගී වීමට නියමිතය.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *