අන්තවාදී තර්ජන එල්ල වන බවට සමාජ මාධ්‍යවල පළවල වාර්තා අසත්‍ය බව ආරක්ෂක ලේකම් පවසයි

Share Button

අන්තවාදී තර්ජන පිළිබදව සමාජ මාධ්‍ය ජාලවල පළ කෙරෙන සාවද්‍ය ප්‍රචාරවලින් නොමග නොයන ලෙස ආරක්ෂක අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සමාජ මාධ්‍ය ජාලාවල පැතිර යන ප්‍රවෘත්තිවල සත්‍යතාවක් නොමැති බවත් . බුද්ධි අංශවලට ශ්‍රීි ලංකාව තුල අන්තවාදී තර්ජන සම්බන්ධයෙන් තොරතුරු ලැබී නැති බවත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සදහන් කරයි. කොරෝනා වසංගතය පැතිරීම වැලැක්වීම සදහා හමුදා සහ පොලිස් සහාය ලබා ගැනීම තුළින් රටේ ජාතික ආරක්ෂාව කිසිදු ආකාරයකින් නොසලකා හැර නොමැති බව හෙතෙම අවධාරණය කරයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ මෙරට සියලුම බුද්ධි අංශ එක් ජාලයක් යටතට ගෙන තිබේ. අභ්‍යන්තර හා බාහිර වශයෙන් ආරක්ෂාවට ඇති තර්ජන පිළිබදව බුද්ධි තොරතුරු ලබා ගැනීම සදහා බුද්ධි අංශ ශක්තිමත් කර ඇතැයි ඔහු පවසයි. ශ්‍රී ලංකා නාවික හමුදාව ද දේශීයව හා විදේශීයව ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වල අඛන්ඩව නිරතව සිටින බව ආරක්ෂක ලේකම්වරයා සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11