අම්ෆන් චන්ඩමාරුතයෙන් ඉන්දියාවට සහ බංග්ලාදේශයට දැඩි බලපෑම් එල්ලවීමේ අවදානමක්

Share Button

අමිෆන් චණ්ඩ මාරුතය බටහිර බෙංගාලයේ දිගා සහ බංග්ලාදේශයේ හාතියා දුපත් හරහා අද පස්වරුව වන විට හමායනු ඇතැයි ඉන්දීිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ වන විට ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සහ ඔඩිෂා ප්‍රාන්තයේ පුද්ගලයෝ තුන් ලක්ෂ තිස්පන් දහසක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කරනු ලැබ සිටිති. මේ අතර බංග්ලාදේශයේ වෙරළබඩ දිස්ත්‍රික්ක 19 ක දස දහස් ගණන් ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ඉවත්ව යන ලෙස දැනුම් දී තිබේ. අධික වර්ෂාවත් සමග අම්ෆන් චන්ඩ මාරුතය අද පස්වරුව වන විට බංග්ලාදේශයේ වෙරළබඩ ප්‍රදේශය හරහා හමා යනු ඇතැයි අපේක්ෂා කෙරේ. සුළගේ වේගය පැයට සැතපුම් 160 ක් පමණ වන බව එරට කාලගුණ අංශ සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11