ශ්‍රී ලංකා තරග සංචාරයට පෙර ජාත්‍යන්තර සංචාරක සීමා

Share Button

ලබන ජුලි මාසයේ ශ්‍රී ලංකා සංචාරයට පෙර ජාත්‍යන්තර සංචාරක සීමා පිළිබදව වැඩි පැහැදිලි කිරීමක් අපේක්ෂාවෙන් සිටින බව ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ භාණ්ඩාගාරික අරුන් සිං ධුමාල් මහතා පවසයි. එම සංචාරය සම්බන්ධයෙන් මේ වන විට කිසිදු තීරණයකට එළඹ නැතැයි ද හෙතෙම ප්‍රකාශ කරයි. මේ අතර බංග්ලාදේශය ද ජුලි සහ අගොස්තු මාසවලදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග තුන සදහා ජාත්‍යන්තර සංචාරක සීමා පිළිබදව අවධානයෙන් පසුවෙයි. බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිසාමුදීන් චෞද්‍රි මහතා පෙන්වා දෙන්නේ එම තරග සංචාරයට පෙර බංග්ලාදේශයේ සංචාරක සීමා සහ දෙරටේ නිරෝධායන ක්‍රියාවලිය පිළිබදව සොයා බැලිය යුතු බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *