නිරෝධායන නිති කඩකිරීම නිසා අත්අඩංගුවට ගෙන ඇති රථවාහන නිදහස් කිරීමට සහනශීලී ක්‍රමවේදයක්
ලබන මස මැද වන විට රටේ සියඵ කටයුතු සාමාන්‍ය අතට පත්කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඒ සදහා රටේ නිරෝධායන කටයුතු සම්පුර්ණයෙන් අවසන් විය යුතුය. ස්වයං නිරෝධායන ක්රියාවලියද අවසන් වූ පසු රට සම්පුර්ණයෙන් විවෘත කිරීමට අදාල වෛද්‍ය නිර්දේශ ලැබෙනු ඇතැයි ඔහු පවසයි.
මේ වන විට ඇදරි නිතිය කඩකිරීම නිසා අත්අඩංගුවට ගෙන ඇති රථ වාහන සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී වංචනික ක්‍රියාවලට සම්බන්ධ වූ රථවාහන හැර අනෙකුත් රථවාහන නිදහස් කිරීමට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මේ වන විට නිරෝධායන ඇදිරි නිතිය කඩකල පුද්ගලයින් හැට දහස් 500 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. අත්අඩංගුවට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 16 දහසකට ආසන්න වේ. ඉන් හය දහසකට නඩු පවරා ඇති අතර එම රථවාහන භාවිතයෙන් සිදුකල ක්‍රියා වැරදිබව අදාල පුද්ගලයින් පිලිගෙන තිබේ