පසුගිය දින විස්ස තුළ ශ්‍රී ලංකාවේ බාහිර සමාජයෙන් කිසිදු කොරෝනා රෝගියකු වාර්තා නොවූ බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි
පසුගිය දින විස්ස තුළ ශ්‍රී ලංකාවේ බාහිර සමාජයෙන් කිසිදු කොරෝනා රෝගියකු වාර්තා නොවූ බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි ඊයේ දිනයේදී හමුවූ කොරෝනා ආසාදිතයින් 37 දෙනාම නාවික සෙබඵන් බවට සනාථ වී තිබේ. මේ අතර කුවේට් දේශයේ නිති විරෝධිව රැදී සිටි පුද්ගලයෝ 179 දෙනෙක් ඊයේ මධ්‍යම රාත්‍රියේ දිවයිනට ගෙන්වා ගනු ලැබූහ. එම පිරිස නිරෝධායනය සදහා මධ්‍යස්ථානවලට යොමු කල බව යුධ හමුදාව කියයි. මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මුඵ සංඛ්‍යාව 1027 කි. සුවය ලැබූ සංඛ්‍යාව 569 ක් වේ. රෝගීහූ 449 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබති.
දිස්ත්‍රික්ක දහයකට පණවා ඇති නායයෑමේ අවධානම තවදුරටත් ක්‍රියාත්මක බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ප්‍රාදේශීය මට්ටමින් රජය කටයුතු යොදා තිබේ.