බ්‍රසීලය කොරෝනා හේතුවෙන් දැඩි අවධානමකට

Share Button

අද දිනයේදී බ්‍රසීලය කොරෝනා හේතුවෙන් දැඩි අවධානමකට ලක්ව සිටී. ඊට හේතුව එක් දිනක් තුල බ්‍රසීලයෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් අද වාර්තා වීමයි. මේ අතර වෙනුසුවෙලාවේ ආර්ථිකයටද කොරෝනා වෙරසයේ බලපෑම් එල්ල වී ඇත. ඇමරිකාව පැනවූ සම්බාධක හේතුවෙන් වෙනුසුවෙලාවේ රන් මිල ස්ථාවරව පවත්වාගෙන යාම ගැටඵවක් බව එරට මහ බැංකුව කියයි. මේ වන විට එංගලන්තයේ වෙලදපොලේ පමණක් වෙනුසුවෙලාවේ රත්රන් සදහා ස්ථාවර මිලක් පවතී. මේ අතර ඉන්දියාවේ කොරෝනා ආසාදිත මුඵ සංඛ්‍යාව 1 ලක්ෂ 6 දහස් 825 දක්වා ඉහල ගොස් තිබේ. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ මරණ සංඛ්‍යාව 3303 කි. නේපාලයෙන් වාර්තාවන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 402 කි. එරටින් වාර්තා වන්නේ මරණ දෙකකි. මේ අතර පකිස්ථානයෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 45 දහස් 898 කි. පකිස්ථානයෙන් මරණ 985 ක් වාර්තා වේ.
මේ වන විට ලෝකයේ කොරෝනා ආසාදිත මුඵ සංඛ්‍යාව 49 ලක්ෂ 88 දහස් 831 කි. ඇමරිකාවේ 15 ලක්ෂ 70 දහස් 583 දෙනෙක් ආසාදිතයෝ වෙති. රුසියාවේ 2 ලක්ෂ 99 දහස් 941 දෙනෙකුද ස්පාඤ්ඤයේ 2 ලක්ෂ 78 දහස් 803 දෙනෙකුද ආසාදනය වී ප්‍රතිකාර ලබන බව විදෙස් පුවත් වාර්තා කරයි. බ්‍රසීලයේ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2 ලක්ෂ 71 දහස් 885 කි. බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 2 ලක්ෂ 48 දහස් 818 දෙනෙකු වාර්තා වේ. ඉතාලියෙන් වාර්තාවන කොරෝනා ආසාදිත මුඵ සංඛ්‍යාව 2 ලක්ෂ 26 දහස් 699 කි.
මේ වන විට ලෝකයේ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 3 ලක්ෂ 24 දහස් 958 ක් ලෙස දැක්වේ. ඇමරිකාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 93 දහස් 533 කි. බ්‍රිතාන්‍යයෙන් කොරෝනා මරණ 35 දහස් 341 ක් වාර්තා වන අතර ඉතාලියෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව තිස් දෙදහස් 169 කි. ප්‍රංශයෙන් කොරෝනා මරණ 28 දහස් විසි දෙකක් වාර්තා වේ. ස්පාඤ්ඤයෙන් කොරෝනා මරණ 27 දහස් 778 ක් වාර්තා වී තිබේ. බ්‍රසීලයෙන්ද කොරෝනා මරණ 17 දහස් 983 ක් වාර්තා වේ.
මේ වන විට ලෝකයේ කොරෝනා ආසාදනය වී සුවය ලැබූ මුඵ සංඛ්‍යාව 19 ලක්ෂ 59 දහස් 137 කි. ඇමරිකාවේ 3 ලක්ෂ 61 දහස් 180 දෙනෙක් සුවය ලබා සිටිති. ස්පාඤ්ඤයේ සුවය ලැබූ සංඛ්‍යාව 1 ලක්ෂ 96 දහස් 958 කි. ජර්මනියේ 1 ලක්ෂ 55 දහස් 700 දෙනෙක් සුවය ලබා සිටිති. ඉතාලියේ 1 ලක්ෂ 29 දහස් 401 දෙනෙකුද තුර්කියේ 1 ලක්ෂ 12 දහස් 895 දෙනෙකුද සුවය ලබා ඇතැයි වාර්තා වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *