කොරෝනා හේතුවෙන් ආසියානු ආර්ථිකයට ඩොලර් බිලියන 26 ක විදේශ ආයෝජන අහිමි වෙයි

Share Button

කොරෝනා වෛරසය හේතුවෙන් ආසියානු ආර්ථිකයට ඩොලර් බිලියන 26 ක පමණ විදේශ ආයෝජන අහිමිවු බව ඉන්දිය වාර්තාවක් සදහන් කරයි  ඉන් බිලියන 16 ක්ම ඉන්දියාවට ලැබිමට තිබු ඒවාය  ඒ අතරම යුරෝපයේ මිලියන 30 කට වැඩි ජනතාව තම ජිවිතය පවත්වාගෙන යාම සදහා රාජ්‍ය අනුග්‍රහය ඉල්ලා ඇතැයි සදහන් වේ ජර්මනිය  ප්‍රංශය  බ්‍රිතාන්‍ය  ස්පාඤ්ඤය සහ ඉතාලිය එම රටවල් අතර වෙයි මේ වනවිට කොරෝනා වේගයෙන්ම පැතිර යන්නේ රුසියාව  බ්‍රසිලය  මෙක්සිකෝව සහ පේරූ යන රටවලය  ඉරාකයේද මෙම තත්ත්වය වැඩිවීම නිසා රටපුරා ඇදිරි නීතිය පනවා තිබේ  චීනයේ වුහාන් ප්‍රදේශයේ පැවති කොරෝනා වසංගතය මේ වනවිට චීනයේ තවත් ප්‍රදේශ කිහිපයකින් වාර්තාවී තිබෙන බව වාර්තා වෙයි  ඒ අනුව එරට ජිලිං ප්‍රාන්තයේ නගර දෙකකින් රෝගීන් වාර්තාවී ඇත  එම ප්‍රාන්තයෙන් මේ වනවිට ආසාදිතයින් 39 දෙනෙකු හදුනාගෙන තිබේ  වෛරසය ඇරඹුනු වුහාන් නගරයේ මේ වනවිට ආසාදිත රෝගින් 07 දෙනෙකු සිටින බව හදුනාගෙන ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11