රත්නපුරයේ ජල ගැලීම්වලින් පිඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව

Share Button

රත්නපුර ප්‍රදේශයේ ජල ගැලීම් සහ නායයාම් අවදානම හේතුවෙන් පිඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි අයගම ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයේ පිඩාවට පත් පුද්ගලයින් 694 දෙනෙකුට වියළි ආහාර ඇතුඵ අනෙකුත් පහසුකම් සැලසීමට ක්‍රියාකර තිබේ  එක් නිවසක් සම්පුර්ණයෙන්ම විනාශවී ඇත තවත් නිවාස 42 කට අර්ධහානි සිදුව තිබේඩ්€ඤු මඩබද්දර පිවිසුම් මාර්ගයේ නායායමක් හේතුවෙන් නිවාස 250 ක පමණ ජනතාව දුෂ්කරතාවට මුහුණදී සිටිති  යද්දෙහිකන්ද හා පෙටිටිගල ප්‍රදේශවල ද නායයාම් අවදානම් මතුව ඇතඩ්  එම ජනතාවට වියළි ආහාර හා පිසු ආහාර ලබාදීමට ක්‍රියා කෙරේ

මේ අතරඩ්€ කඵතර කඵඟගේ මෝය අසලින් අලුත් මෝය කටත් කැපීම ආරම්භ කර තිබේ  මේ වනවිට කඵ ගගේ ජල මට්ටම ඉහල යමින් පවති  දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් ද ජලයෙන් යටවිය  මධ්‍යම කඳුකරයට ලැබුනු ධාරානිපාත වැසි හේතුවෙන් ජල විදුලිය උත්පාදනය කරන ජලාශ කිහිපයකම ජල මට්ටම ඉහල ගොස් ඇත

මේ අතරඩ්€ අම්ෆන් සුළිකුනාටුවේ බලපෑම හෙට සිට අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශ්වාසය පළකරයි  එහෙත්ඩ්  අවට මුහුදු ප්‍රදේශ හෙට පස්වරුවේ ද රඵ විය හැකිය  ඉකුත් දිනවල පැවති තද වැසි හා සුළං හේතුවෙන් දිස්ත්‍රික්ක අටක පුද්ගලයෝ දසදහසකට ආසන්න පිරිසක් පිඩාවට පත්ව සිටිති බගවන්තලාව ප්‍රදේශයේ එළවඵ වගා ගොවිපලක් සම්පුර්ණයෙන්ම විනාශවී ඇත

මේ අතර  ඉකුත් 26 වැනිදා කුඩාවැල්ල ධිවර වරායෙන් මසුන් ඇල්ලීම සදහා මුහුදු ගිය සුරේෂ් බහුදින ධිවර යාත්‍රාව තද සුළං හා රඵ පහරට හසුවී අන්දමන් දුපත්වලට ගොඩගසා ඇතැයි වාර්තා වෙයි  එහි සිටි ධිවර කාර්මිකයින් 06 දෙනා නිරුපද්‍රිතව යාත්‍රාවේ සිටින බව තහවුරුවී ඇති බව තංගල්ල නාවික නෞකා ආයතනය පවසයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11