මහ මැතිවරණයට අදාල දිනය අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට දිනයේදිීත්
මහ මැතිවරණයට පැවැත්වීමට අදාල දිනය අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙටට කල්දැමිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය අද දිනයේදී වග උත්තරකාර පාර්ශ්වයක් ලෙස නම් කර තිබු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සිය වාචික දේශන අවසන් කළේය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව කැදවීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව කැදවීමට ප්‍රතිපාදන ඇත්තේ හදිසි අවස්ථා තත්ත්වයක් යටතේයඑහෙත්ඩ් මේ වනවිට රටේ පවතින්නේ සෞඛ්‍ය ගැටඵය මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර නොදෙන ලෙසට ඔහු ඉල්ලා සිටියේය ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අදාල පෙත්සම්වලට එරෙහිව මුලික විරෝධතා ඉදිරිපත් කළේයඩ්€ඤු අදාල පෙත්සම් ගොනුකර ඇත්තේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළ යුතු කාලසීමාව පසු කරමින් බව ඔහු කීවේය
මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අංශවලින් යහපත් ප්‍රතිචාරයක් ලැබුනු විගස දින 70 ක් ඇතුලත ඊට අවශ්‍ය පියවර ගතහැකි බව මැතිවරණ කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය රටේ වත්මන් තත්ත්වය මත මහ මැතිවරණයක් පැවැත්වීමට බලපා ඇති ගැටඵ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබුනු පෙත්සම් අද තෙවැනි දිනටත් කැදවු අවස්ථාවේ මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා මේ බව අධිකරණයට පැවසීය