රාජ්‍ය පොසොන් උත්සවය ලබන මස 04 වැනිදා සිට මිහින්තලා රජමහා විහාරස්ථානයේදී

Share Button

රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජමහා විහාරස්ථානය මුල් කර ගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කෙරේ එම විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි එම කටයුතු සිදු කෙරුනු ඇත  ආරෝග්‍යා පරමාලාභා යන තේමාව මුල් කර ගනිමින් මෙවර පොසොන් උත්සවය සංවිධානය කෙරේ ලබන මස 04 05 සහ 06 යන දිනවල රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වේ  එහි නිල ආරම්භය සහ ආලෝක පුජාව ලබන 04 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරේඩ්€ඤු 05 වන දින රාජ්‍ය පොසොන් උත්සවය සහ ආලෝක පුජාව පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි එදින පස්වරුවේ ජනාධිපතිතුමා විසින් ජාතික රුක් රෝපණ දිනයට සමගාමිව පැල රෝපණය කිරීමක් ද සිදු කරනු ලැබේ සෞඛ්‍ය උපදෙස් අනුව සිමිත පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවයේ කටයුතු සැලසුම් කර ඇත රාජ්‍ය පොසොන් උත්සවය සදහා කුඩා දරුවන් සහ වයෝවෘද්ධ පුද්ගලයින් රැගෙනඒමෙන් වළකින ලෙස පොසොන් කමිටුව ඉල්ලීමක් කරයිපැමිණෙන සියල්ලන්ගේ පොදු අවශ්‍යතා සියල්ල සම්පුර්ණ කරන බව මිහින්තලා රජමහා විහාරාධිපති ස්වාමින් වහන්සේ අවධාරණය කරති රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලා විහාරස්ථානයේ මැදමඵවේ අද පස්වරුවේ පැවති විශේෂ පොසොන් කමිටු රැස්වීමට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසුහ මීට සමගාමිව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියසදී ආගමික වතාවත් සිදු කෙරේඩ්€ඤු මෙවර දන්සල් කිසිවක් නොපැවැත්වේ  ඒ සදහා වැය කරන මුදල් කොරෝනා අරමුදලට පරිත්‍යාග කරන්නැයි විහාරාධිපති හිමියෝ ඒවා පවත්වන සංවිධාකයින්ගෙන් ඉල්ලීමක් කළහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11