ශ්රීී ලංකාවේ විශාලතම සුළං බල ව්‍යාපෘතිය තවදුරටත් පුඵල් කිරිමට ජනාධිපතිතුමාගෙන් උපදෙස්
මන්නාරම් තුඩුවේ මේ වනවිට ඉදිකිරීම් අවසන් කර ඇති ශ්රීී ලංකාවේ විශාලතම සුළං බල ව්‍යාපෘතිය තවදුරටත් පුඵල් කර පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදනය වැඩි කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි ඒ අනුව මන්නාරම් තුඩුව වටා ප්‍රදේශය තුල වැටක් සේ සුළං බල විදුලි උත්පාදන කුඵණු සවි කිරිීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා දැනුම් දී ඇත එමගින් ඇස්තමේන්තු කර ඇති විදුලිබල උත්පාදනයට වඩා වැඩි ප්‍රමාණයක් නිපදවීමට පියවර ගන්නා මෙන් එතුමා වැඩිදුරටත් උපදෙස් දී තිබේ විදුලිබල ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබද විදුලිබල අමාත්‍යංශයේදී ඊයේ පැවති විශේෂ සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය 2030 වසර වනවිට රටේ සමස්ත විදුලි සැපයුමෙන් සියයට 80 ක ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තිය මගින් උත්පාදනය කිරීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාව වෙයි ලබන සැප්තැම්බර් මස වනවිට ඉදිකිරීම් අවසන් වන මෙරට විශාලතම සුළං බල ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 103 ක විදුලි බලයක් උත්පාදනය කෙරේ ගිගාවොට් පැය 400 ක වාර්ෂික විදුලි බලයක් උත්පාදනය ව්‍යාපෘතියේ අපේක්ෂාවයි රජය මේ සදහා රුපියල් බිලියන 25 ක මුදලක් වැය කර තිබෙ