රජයක් ඉතිහාසයේ ලබා දුන් වැඩිම සහනාධාර මුදල කොරෝනා වසංගතය වෙනුවෙන්

Share Button

මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබාදුන් වැඩිම සහනාධාර මුදල කොරෝනා වසංගතය හේතුවෙන් වත්මන් රජය ජනතාවට ලබා ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයිඩ්€ඤු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි කිසිදු භේදයකින් තොරව එම සහන ලබා දුන් බව අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේය
රුපියල් 5000 දීමනාව ජූනි මාසය සඳහා ද ලබා දීමට රජය අදහස් කර තිබුණ ද මැතිවරණ කොමිසමේ තීරණයට ගරු කරමින් එය ලබා නොදෙන බව ඔහු ප්‍රකාශ කළේය

මේ අතර වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 සිට 61 දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය එමෙන්ම අනෙකුත් සියලුම තාක්ෂණ නිලධාරිීන්ගේ සේවා අවශ්‍යතා අනුව විශ්‍රාම ගැනීමේ වයස් සීමා වැඩි කිරීමට කමිටුවක් පත් කිරීමට ද මෙහිදී තීරණය වී තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11