ආර්ථික සංකෝචනය සැලකිල්ලට ගෙන බැංකු ලාභාංශ සහ ආපසු මිලදී ගැනීම් නතර කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලීමක්

Share Button

කොවිඩ් නයින්ටීන් වෛරසයේ බලපෑමෙන් ඇති කරන ලද ආර්ථික සංකෝචනය සැලකිල්ලට ගෙන බැංකු ලාභාංශ සහ ආපසු මිලදී ගැනීම් නතර කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉල්ලීමක් කරයි එහි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට අදහස් දක්වමින් සදහන් කළේ 2008 වසරේ මුල්‍ය අර්බුදයෙන් පසුව මුල්‍ය පද්ධතියේ ශක්තිමත්භාවය සැලකිය යුතු ලෙස වර්ධනය වීඇති බවයි එහෙත් මේ වසරේ ගැඹුරු මුල්‍ය අවපාතයක් සදහා ලෝකය මුහුණ දෙමින් සිටින බව ඇය පැවසුවාය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අනුව ගෝලීය වශයෙන් වැදගත් බැංකු 30 ක පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 250 ක පමණ ලාභාංශ සහ කොටස් මිලදී ගැනීම් බෙදා හැර තිබේ කෙසේවෙතත් මේ වසරේ දී බැංකු පද්ධතියේ ප්‍රාග්ධනය ගොඩනැගීම සදහා ඉපැයීම් රදවා ගත යුතුව ඇතැයි ඇය පෙන්වා දුන්නාය
====
සිංගප්පුරුවේ කොවිඩ් නයින්ටීන් වෛසරසය ආසාදනය වුවන්ගේ සංඛ්‍යාව විසි නව දහස ඉක්මවයි ඊයේ දිනයේ එරටින් අලුතින් ආසාදිතයන් හාරසිය හතලිස් අට දෙනෙකු හදුනා ගෙන තිබේ ඉන් ආසාදිතයන් 14 දෙනෙකු හදුනාගෙන ඇත්තේ ප්‍රජාව අතුරිනි ඉතිරි හාරසිය තිස් හතර දෙනා රැකියා සදහා පැමිණ නේවාසිකාගාර වල රැදි සිටි අය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11