මැතිවරණ දිනය අභියෝගයට ලක්කළ පෙත්සම් වැඩිදුර සලකා බැලිම අද

Share Button

ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය හා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම අද සිදුකෙරේ අගවිනිසුරු ජයන්ත ජයසුරිය බුවනෙක අඵවිහාරේ සිසිර ද ආබෲ ප්‍රියන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලිම 4 වැනි දිනටත් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදු කෙරිණි මෙහිදී කරුණු දක්වමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ පෙත්සමේ කිසිදු නීතිමය පදනමක් නොමැති බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කළ යුතු බවයි කොරෝනා වසංගතය පෙන්වමින් දිගින් දිගටම මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට හැකියාවක් නැතැයි ද ඔහු සදහන් කළේය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම උත්සුක විය යුතු බව ඔහු අවධාරණය කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *