ක්‍රිකට් ක්‍රිඩාව සම්බන්ධයෙන් ජාතික වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අගමැතිවරයාගෙන් බලධාරින්ට උපදෙස්

Share Button

ක්‍රිකට් ක්‍රිඩාව සම්බන්ධයෙන් ජාතික වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා බලධාරින්ට උපදෙස් දෙයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ ක්‍රිකට් ඇතුඵ ක්‍රිඩා ක්ෂේත්‍රයේ පවතින ගැටඵ සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවකදිය

මෙම සාකච්ඡාවේදි හෝමාගම දියගම ක්‍රිඩාංගනයේ ඉදිකිරිම් පිළීබඳවද අවධානය යොමු කෙරිණ ප්‍රවීන ක්‍රිකට් ක්‍රිඩකයන් සහ ක්‍රිකට් ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීනයන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් දියගම ක්‍රිඩාංගනය ඉදිකිරිම වෙනුවට පාසල් මට්ටමින් ක්‍රිකට් ක්‍රිඩාව වැඩිදියුණු කිරිමටත් දැනට සංවර්ධනය කළ යුතු සහ පහසුකම් වැඩිදියුණු කළ යුතු ක්‍රිඩාංගන සංවර්ධනය කිරිමටත් අග්‍රාමාත්‍යවරයා එහිදි තීරණය කළේය
මෙහිදි අදහස් දැක්වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේ ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම ක්‍රීඩාවේ ඉදිරිගමනට බාධාවක් බවයි

2011 වසරෙන් පසු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කරන ලද ආයෝජනයට සාපේක්ෂව අදායමක් නොලැබුණු බවත් ක්‍රීකට් නංවාලිමට මුදල් යෙදවීමට රජයටද සිදු වු බව ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා පැවසීය
පළාත් ක්‍රිකට් මධ්‍යස්ථාන ඉහළ මට්ටමකට ගෙනඒමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා මෙහිදි පෙන්වා දුන්නේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11