ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන ප්‍රමුඛපෙළේ ආයතනයක් බවට පත් කිරිමට ජනාධිපතිගෙන් යෝජනා මාලාවක්

Share Button

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන ප්‍රමුඛපෙළේ ආයතනයක් බවට පත් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යෝජනා මාලාවක් ඉදිරිපත් කරයි භාණ්ඩාගාරයේ මුදල් වෙන් කරනු වෙනුවට භාණ්ඩාගාරයට මුදල් ලබාදිය හැකි රාජ්‍ය ආයතනයක් බවට ලංගමය පත්කළ හැකි බව එතුමා පෙන්වා දෙයි ලංකා ගමනාගමන මණ්ඩලයේ වත්මන් තත්ත්වය විමර්ශනය සදහා ජනාධිපති කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදි ජනාධිපතිතුමා මේ බව පැවසිය සතියේ දිනවල පවතින දැඩි මාර්ග තදබදය අවම කිරිමේ අරමුණින් සිය මෝටර් රථයෙන් කාර්යාලය වෙත යන පිරිස් පොදු ප්‍රවාහන සේවයට එක් කර ගැනිමේ වැදගත්කම එතුමා පෙන්වා දුන්නේය ඊට පිළියම් ලෙස තෝරාගත් ස්ථානයක මෝටර් රථය නවතා සේවා ස්ථානයට බස් රථයෙන් ගමන් කිරිමට අවශ්‍ය ක්‍රමවේදයක් කඩිනමින් හදුන්වාදෙන ලෙස ජනාධිපතිතුමා යෝජනා කළේය පාසල් සිසුන් සදහාම ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් පාසල් බස් රථ සේවය ප්‍රවර්ධනය කළ යුතුය පාසල් බස්රථ කහපාටින් වර්ණ ගන්වා මහාමාර්ගයේ දී ප්‍රමුඛත්වයක් ලැබෙන පරිදි ධාවනය කිරිම පිළිබඳවද සාකච්ඡා කෙරිණ ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථ වර්ණ දෙකක් යටතේ ධාවනයට යෙදවිමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය සේවක දිරිගැන්විම අලුත් ක්‍රම හදුන්වාදිම නාස්තිය අවම කිරිම සහ හොරකමට තිත දැමිම සදහා විධිමත් කිරිම අනුගමනය කිරිම පිළිබඳවද මෙහිදි සාකච්ඡාවට ලක්විය ලංගමය සතු දක්ෂ කාර්මික නිලධාරින්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනිමත් ලංගම සතු ප්‍රයෝජනයට නොගත් විශාල භූමි නිසි කළමනාකරණයෙන් මුදල් ඉපයීමට යොදා ගැනිමත් පිළිබඳවද අවධානයට යොමුවිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *