විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොල දීමනාව අඛණ්ඩව
කොරෝනා තත්ත්වය හේතුවෙන් විශ්ව විද්‍යාල වසා තිබුනද සිසුන්ගේ මහපොල දීමනාව අඛණ්ඩව ලබාදෙන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසයි ඒ අනුව පසුගිය මාසයට අදාල මුදල් සිසුන්ගේ ගිණුම්වලට බැර කිරීමට පියවර ගෙන ඇතැයි ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සදහන් කළේය ලොතරැයිපත් අලෙවියෙන් මහපොල අරමුදලට මුදල් ලැබෙන නමුත් පසුගිය මාසවල ලොතරැයිපත් අලෙවිය සිදු නොවු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි එහෙත් අවශ්‍ය මුදල් සපයාගෙන මහපොල දීමනාව අඛණ්ඩව ලබාදෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය