කාන්තාවන් තිදෙනෙකු තෙරපීි මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනා රක්ෂිත බන්ධනාගාරයට
මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් මාවතේ ගොඩනැගිල්ලක සිදුවු තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුදල් බෙදීම සංවිධාන කළ ව්‍යාපාරිකයා ඇතුඵ පුද්ගලයින් 07 දෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ මෙම සැකකරුවන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට මාලිගාවත්ත පොලිසිය පියවර ගෙන ඇත මියගිය කාන්තාවන්ගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාන්චනා නෙරංජලා ද සිල්වා මහත්මිය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යාවරයාට නියෝග කර තිබේ මෘත දේහ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට භාරදීමෙන් පසු මියගිය පුද්ගලයන්ගේ ඥාතින් වෙත ඒවා භාරදීමට මහේස්ත්‍රාත්වරිය මාලිගාවත්ත පොලිසියට නියෝග කර ඇත ඊයේ පස්වරුවේ සිදුවු තෙරපීමෙන් තුවාල ලැබු තවත් 09 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඉන් 07 දෙනෙක් කාන්තාවෝ වෙති