කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ – ඉරිදා සහ සදුදා මුඵ දිවයිනටම ඇදිරි නීතිය
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇදිරී නිතිය නැවත දැනුම්දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි ලබන ඉරිදා සහ සදුදා දිනවල දිවයිනපුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙයි කොළඹ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට රාත්‍රි 800 ට බලාත්මක වන ඇදිරි නීතිය ලබන අගහරුවාදා අලුයම 500 ට ලිහිල් කෙරේ ඉන්පසු නැවත දැනුම් දෙනතුරු එම දිස්ත්‍රික්කවල දිනපතා රාත්‍රි 800 සිට අලුයම 500 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙයි කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය තිබියදී ජනජිවිතය යථාතත්ත්වයට පත්කිරීමේ වැඩපිළිවෙල හෙටත් ක්‍රියාත්මක අතර ලබන අගහරුවාදා සිට එය ඉදිරියටත් පවත්වාගෙන යනු ඇත