ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහලට

Share Button

ඊයේ උදෑසන සිට ඉන්දියාවෙන් කොරෝනා ආසාදිත මරණ 148 ක් හා නව ආසාදිතයින් 6088 ක් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය අද උදෑසන නිවේදනය කළේය ඒ අනුව වයිරසය හේතුවෙන් එරටින් වාර්තා වන මුඵ මරණ සංඛ්‍යාව 3583 දක්වා මහ මුඵ ආසාදිතයින් සංඛ්‍යාව 118447 දක්වා ඉහළ ගොස් තිබේ කොරෝනා වසංගතයට අදාළව මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වූ ඉහළම දෛනික වැඩිවීම මෙය වේ
****

ඇමෙරිකානු ජනාධිපතිවරුන් 11 දෙනෙකු වෙනුවෙන් ධවල මන්දිරයේ සේවය කළ 91 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදනයෙන් මරණයට පත්වී තිබේ ජනාධිපතිවරුන්ගේ විවිධ උත්සව සංවිධාන කිරීමට සහායවී පිවිසුම් දොරටුව අසලදී අමුත්තන්ට ආචාර කිරීම වැනි කටයුතුවල නිරතවු මෙම පුද්ගලයා ජනාධිපතිවරණවරුන්ගේ් සමිපතම සේවකයෙකු ලෙස ක්‍රියාකර තිබේ විල්සන් රූස්වෙල්ට් වන ඔහු 1957 වසරේ එවකට ඇමෙරිකානු ජනාධිපති ඩ්වයිට් අයිසන්හවර් යටතේ සේවයට එක්වී ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *