රජයට අයත් භාවිතයට නොගත් ඉඩම් වගා කටයුතු සහ සත්ව පාලනයට යොදා ගැනිමට අවධානය

Share Button

රජයට අයත් භාවිතයට නොගත් සහ ඌණ උපයෝජිත ඉඩම් වගා කටයුතු සහ සත්ව පාලනයට යොදා ගැනිම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙ ඊට අදාල සාකච්ඡාවක් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරිම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි ඊයේ පැවැත්විණි ආර්ථික පුනර්ජිවනය සහ ආහාර සුරක්ෂිතතාව ඇති කිරිමේදී කෘෂිකර්ම වැවිලි කර්මාන්ත පශූ සම්පත් හා ධිවර යන ක්ෂේත්‍ර අතිශය වැදගත් ලෙස හදුනාගෙන තිබේ එම ක්ෂේත්‍රවල නිෂ්පාදන ඉහළ නැංවිම සදහා අවශ්‍ය ඉඩම් හදුනාගැනිම පිළිබඳව ද අවධානය යොමු විය පවුල් දසලක්ෂයක ගෘහස්ත ආදායම වැඩි කර ගැනිම ඉලක්කය බව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය ඔහු අමාත්‍යංශ ප්‍රධානින්ගෙන් ඉල්ලා සිටියේ කෘෂිකර්මාන්තය සහ පශු සම්පත් සංවර්ධනයට යෙදවිය හැකි ඉඩම් සම්බන්ධ තොරතුරු කඩිනමින් ලබාදෙන ලෙසයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *