පාස්කු ප්‍රහාරයේ විමර්ශන සාර්ථක බව කාදිනල් හිමිපාණෝ පවසති

Share Button

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන වත්මන් විමර්ශන පිලිබඳව සෑහිමකට පත්විය හැකි බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණේ පවසති ඇතැම්ි පිරිස් විවිධ ක්‍රම මගින් එම පරික්ෂණ කඩාකප්පල් කිරිමට උත්සාහ කරන බව උන්වහන්සේ පැවසුවේ අමරපුර මහ නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමින් වහන්සේ ගේ සුවදුක් විමසා බැලිමට පැමිණි අවස්ථාවේදිය එම කුමන්ත්‍රණකාරී බලවේග මිල මුදල්වලින් සහ බලය යොදා ගනිමින් අදාල පරික්ෂණ අඩාල කිරීමේ දැවැන්ත උත්සාහයක නිරත වන බව ද කාදිනල් හිමිපාණෝ වැඩිදුරටත් පවසති

මේ අතර කොළඹ කිංග්ස්බරි හෝටලයේ ප්‍රහාරයට පැමිණි බෝම්බකරු සතුව බැංකු ගිණුම් 32 ක් පැවති බවට තොරතුරු ලැබී තිබේ කිංග්ස්බරි බෝම්බකරු සහරාන් හෂීම්ගේ රියදුරා ලෙස කටයුතු කර ඇත ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ කිංග්ස්බරි හෝටලයේ ආරක්ෂක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති අයිවන් ධම්මික තුඩුවත්ත මහතා පාස්කු ප්‍රහාරය පිලිබද විමර්ශනය කරන ජනාධිපති කොමිෂම හමුවේ ඊයේ පවසා ඇත්තේ 2019 අප්‍රේල් 17 වනදා හෝටලයට පැමිණි අබ්දුල්ලා අබ්දුල්ල නමැත්තෙකු අංක 819 කාමරය වෙන් කර 20 වනදා එහි පැමිණෙන බව පවසා පිටත්ව ගිය බවයි සිද්ධිය සිදුවූ දිනයේ සිසිටීවී දර්ශන පරික්ෂා කිරීමෙන් පසුව බෝම්බකරු මොහොමඩ් අසාම් මුබාරක් නමැත්තෙකු බවට හදුනා ගත් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරික්ෂක යසස් ස්වර්ණ කීර්තිසිංහ මහතා කොමිසම හමුවේ ඊයේ සදහන් කර තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *