නිරිතදිග මෝසමත් සමග ඩෙංගු අවධානමක්
නිරිතදිග මෝසම සක්‍රිය වීමෙන් ඉහල යන ඩෙංගු අවධානම කොරෝනා මර්ධනයටත් බලපාන බව සෞඛ්‍ය අංශ කියයි ගෙවුණු වසරට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේදී ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම ඉහල ගොස් තිබේ පසුගිය 2019 වසරේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ථ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1 ලක්ෂ පන් දහස් 49 කි මේ වසරේ ගතවූ මාස 4 හමාරේදී මෙරටින් ඩෙංගු රෝගීන් 19 දහස් 446 දෙනෙකු වාර්තා වේ පසුගිය වසරේ ඩෙංගු මරණ 157 ක්ද මේ වසරේ මේ දක්වා ඩෙංගු මරණ 20 ක්ද වාර්තා වී තිබේ කොළඹගම්පහ කඵතර ගාල්ල මාතර රත්නපුර කෑගල්ල වැඩිම ඩෙංගු ව්‍යප්තියක් පවතින ප්‍රදේශ වේ ජනතාව ඩෙංගු පිලිබද අවධානම අවබෝධ කර ගනිමින් ගෘහස්ථව ඩෙංගු ව්‍යප්තිය පාලනයට ඇති අවස්ථා අවම කරගත යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි එසේ නොවන්නේම් එය කොරෝනා මර්ධන වැඩපිලිවලටද ගැටඵවක් බව ඔහු පෙන්වා දෙයි