ලොව පුරා කොරෝනා මැඩලිමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඩොලර් මිලියන 800 ක් වෙන් කරයි

Share Button

මේ වසරේ කොරෝනා වෛරස් වසංගතය මැඩලිම සදහා ඩොලර් මිලියන 800 කට ආසන්න මුදලක් වෙන් කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි වසංගතය ආරම්භයේ සිටම ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ සියලුම මට්ටම් වලදි දිවා රෑ කටයුතු කර තිබෙ ගෝලීය ප්‍රතිචාරය සම්බන්ධිකරණය කිරිම තාක්ෂණික උපදෙස් සැපයිම දේශපාලන සහයෝගිතාව උත්ප්‍රේරනය කිරිම සම්පත් බලමුඵ ගැන්වීම සැපයුම් සම්බන්ධිකරණය ඒ අතරින් ප්‍රධාන වන බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ඇඩ්හැනොම් මහතා පවසයි මේ අතර මෙරට කොරෝනා තත්ත්වය සාර්ථක ලෙස පාලනය වී ඇතැයි ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි එහෙත් ජනතාවගේ සහාය ඒ සදහා තවදුරටත් අවශ්‍ය වෙයි තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කල යුතුය එමෙන්ම ඒ සදහා ලබාදුන් මාර්ගෝපදේශ ද තවදුරටත් රැකිම සිදුකළ යුතුය ඇතැම් පිරිස් මෙම උපදෙස් නොතකා ක්‍රියා කරන අවස්ථාද පෙනෙන්නට තිබෙ
කොවිඩ් නයින්ටීන් ආසාදිත නාවික හමුදාවේ තවත් 33 දෙනෙකු සුව වී නිවෙස් බලා ගොස් තිබෙ ඒ අනුව සුවය ලැබූ නාවික හමුදා සාමාජික සංඛ්‍යාව 283 ක් දක්වා ඉහළ ගොස් තිබෙ රෝහල්වලින් පිටත්ව ගියත් එම සියලු නාවිකයන් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14 ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියේ යෙදවිමට නාවික හමුදාව ක්‍රියා කර ඇත මේ අතර ඇදිරිනිතිය හේතුවෙන් ගම්බිම් බලා යාමට නොහැකිව කොළඹ නගරයේ රැදි සිටි 1500 ක පමණ පිරිසක් දිස්ත්‍රික්ක 16 ක් වෙත පිටත් කර හැරිම අද පෙරවරුවේ සිදුවිය කොළඹ සුගතදාස ක්‍රිඩාංගනය අසල එය සිදු කෙරිණි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11