කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සුවය ලැබු සංඛ්‍යාව 660 ක් දක්වා ඉහලට

Share Button

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී මෙරට සුවය ලැබු සංඛ්‍යාව 660 ක් දක්වා ඉහල ගොස් තිබේ ඒ අනුව තවදුරටත් ප්‍රතිකාර ලබා ගන්නා සංඛ්‍යාව 409 කි මෙරටින් වාර්තා වු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1078 ක් විය
කොවිඩ්වලින් පසු රටවල් කිහිපයකින්ම වාර්තා වු කවසකි රෝගය දැන් මෙරට ද පවතින බව හදුනාගෙන තිබේ එම රේා්ග තත්ත්වය වයස අවුරුදු 5 ට අඩු දරුවන්ට වැළදෙන බව වාර්තාවේ දින 5 කට වැඩි කාලයක් පවතින උණ සිරුරේ රතු ලප දිව රත්පැහැ වීම ඇස් රතු වීම බෙල්ලේ වසා ගැටිති ඉදිමීම මෙම රෝගයේ මුලික ලක්ෂණයිඩ්€ඤු කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය සමග බොහෝ රටවලින් කවසාකි රෝගීන් වාර්තා වී තිබේඩ්€ඤු එබැවින් දෙමව්පියන් දරුවන් පිළිබද මනා අවබෝධයකින් සිටීම වැදගත් බව සෞඛ්‍ය අංශ කියයි මෙම රෝගය මගින් දරුවන්ගේ හෘදය වස්තුවේ ධමනිවලට බලපෑම් කිරීමේ හැකියාව පවතී ඇතැම් අවස්ථාවල දරුවන් අඩු වයසින් හෘදයාබාධවලට ගොදුරු වී මිය යාමට හේතුව කවසාකි රෝගය බව වෛද්‍යවරු පෙන්වා දෙති
කොරෝනා හේතුවෙන් ශ්‍රීී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ සිරවී සිටි ශ්‍රිි ලාංකිකයන් පිරිසක් මෙරටට රැගෙන ඒම සදහා අද දහවල් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයක් ඩකා බලා පිටත්ව ගියේය ශ්‍රිී ලාංකිකයන් 273 දෙනෙකු එරට රැඳී සිටින බව වාර්තාවේ මෙම යානය අද රාත්‍රියේ දී යලි කටුනායකට පැමිණීමට නියමිතයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11