මැතිවරණ කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් සැක මතුවී ඇතැයි හිටපු රාජ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි
ස්වාධීන යැයි පැවසෙන මැතිවරණ කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් සැක මතුවී තිබෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී කීවේය කලින් මැතිවරණ දිනය වු අප්‍රේල් 25 වැනිදා එය පැවැත්වීමට තීරණය කර තිබුණේ මාර්තු 19 වැනිදා සිටය එවිට මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වුයේ දින 36 කි එහෙත් එම අවස්ථාවේ දින 36 කින් මැතිවරණයක් පැවැත්විය හැකි බව පැවසු කොමිසම දැන් දින 70 ක් ඒ සදහා ඉල්ලා සිටීම පිළිගත නොහැකිය මෙහිදී ඉතා සුක්ෂ්ම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන ආකාරය පෙනෙන්නට තිබේ එහි අවසන් ප්‍රතිඵලය වන්නේ මැතිවරණය කල් දමා ගැනීම බව රඹුක්වැල්ල මහතා කියයි සෞඛ්‍ය අංශය පවතින වාතාවරණය පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කර තිබියදී මැතිවරණය පැවැත්වීම ගැටඵවක් නොවේකොමිසමේ කටයුතු විපක්ෂයට අවශ්‍ය අකාරයට න්‍යාය පත්‍රයක් ඔස්සේ ක්‍රියාත්මක වන බව ඔහු පෙන්වා දෙයි