ශ්‍රීී ලංකාව කොවිඩ් වසංගතය හොඳින් පාලනය කර ඇතැයි ඉන්දීය අගමැති කියයිඩ්

Share Button

ශ්‍රීී ලංකාව කොවිඩ් වසංගතය හොඳින් පාලනය කර ගැනීමට සමත්ව තිබෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි එහි ගෞරවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හිමි වන බව ඔහු කියා සිටී තමා ශ්‍රීී ලංකා ජනාධිපතිතුමාව හදුන්වාගෙන ඇත්තේ නිරවුල් චින්තනයක් ඇති ඉක්මනින් තීරණ ගැනීමේ හැකියාව ඇති නායකයෙකු ලෙස බව මෝදි මහතා කියා සිටී අද පෙරවරුවේ ඉන්දීය අගමැතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග දුරකතන සංවාදයක නිරත වු අවස්ථාවේ මේ බව පැවසිීය ජනාධිපති කාර්යාලයේ සිට රාජපක්ෂ මැතිතුමා ඉන්දීය නායකයා සමග දුරකතනය ඔස්සේ සම්බන්ධ විය මෙහිදී දෙරට අතර සෑම ආකාරයකම සබඳතා තවත් වර්ධනය කර ගැනිීමට එකගතාව පළ වුනි වත්මන් දුෂ්කර අවස්ථාවේ ශ්‍රීි ලංකාවට කළ උපකාර සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඉන්දීය අගමැතිවරයාට සහ එම ජනතාවට කෘතඥතාව පළ කළේය විශේෂයෙන් ඉන්දියාව ප්‍රදානය කළ ටොන් 10 ක වෛද්‍යාධාර බෙහෙවින් ප්‍රයෝජනවත් විය කොවිඩ් වසංගතය මනාව පාලනය කර ගැනීමට ඉන්දියාවට හැකි බව තමාට විශ්වාස බවද රාජපක්ෂ මැතිතුමා කීවේය ඉන්දියාවේ අඩු වරප්‍රසාද සහිත කණ්ඩායම්වලට හදුන්වා දුන් ආර්ථික සහන වැඩසටහන්වලට ද ජනාධිපතිතුමාගේ ප්‍රසාදය පළ විය දැන් තම ප්‍රමුඛතාව ආර්ථික පුනරුදය බව කී රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කිහිපයක්ම නැවත පනගැන්වීමට ඉන්දියාවේ ද සහයෝගය අපේක්ෂා කරන බව කීවේය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කඩිනමින් ඉදිකිරීම ඉන් එකකි අගය එකතු කළ කාර්මික සහ කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවර්ධනය තවත් අරමුණක් වෙයි මෙම ක්‍ෂේත්‍රවල ආයෝජන සදහා ඉන්දීය ව්‍යාපාරිකයන් සහ දැනටමත් ශ්‍රීී ලංකාවේ සිටින ඉන්දීය සමාගම් දිරිගන්වන්නේ නම් පශ්චාත් කොරෝනා අවදියේ ආර්ථික පුනරුදයට මනා පිටිවහලක් බව රාජපක්ෂ මැතිතුමා කීවේය දෙරට අතර ක්‍රියාත්මක මුල්‍ය පහසුකම් හුවමාරු වැඩසටහන් තවත් පුඵල් කිරීමට යෝජනා විය

සාර්ක් හුවමාරු පහසුකම් යටතේ ප්‍රදානය කර ඇති ඩොලර් මිලියන 400 ට ඩොලර් බිලියන 1 යි දශම 1 ක් එකතු කිරීමට ඉන්දීය ආණ්ඩුව එකග නම් එය විදේශ විනිමය ගැටඵ කළමනාකරණය කිරීමට විශාල ආධාරයක් බව ජනාධිපතිතුමා කීවේය එහිදී ඉන්දීය නායකයා සදහන් කළේ ශ්‍රිි ලංකාවට උදව් කිරීමට තමා පෞද්ගලිකවම කැපවී සිටින බවයි ශ්‍රීී ලංකාවට වාසිදායි කොන්දේසි යටතේ සහාය වීමට ඉන්දියාව සුදානම්ය ඒ සදහා කොළඹ ඉන්දීය මහකොමසාරිස් සමග වැඩ කිරීමට සුදුසු නියෝජිතයෙකු පත්කරන්නැයි මෝදි මහතා කීවේය ජනතාවට සෘජු ප්‍රතිලාභ අත්වන සහ ආහාර සෞඛ්‍ය සුරක්ෂිතතාව ප්‍රමුඛ වු ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට නායකයෝ එකගත්වය පළ කළහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11