කොළඹ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය අගහරුවාදා ඇරඹේ
කොළඹ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය අගහරුවාදා ඇරඹේ ඒ අනුව අන්තර් පලාත් බස් සේවාවන් එදින සිට ආරම්භ කිරීමට සූදානම් බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි සෞඛ්‍ය අංශ ලබා දුන් නිර්නායක වලට යටත්ව අදාල ප්‍රවාහන කටයුතු සිදු කෙරේ ලංගම බස්රථ ධාවනයට අදාල සියඵ කටයුතු මේ වන විට සම්පාදනය කර තිබේ ආසන ප්‍රමාණයට පමණක් බස් රථ ධාවනයට අවසර හිමිවේ නමුත් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික් අතර බස්රථ ධාවනයට අවසර නොලැබේ
මේ අතර බස්නාහිර පලාතේ සිදුකල විශේෂ වැටලීමකදී හෙරොයින් ඇතුඵ මත්ද්‍රව්‍ය සහ මත්පැන් ළග තබා ගත් පුද්ගලයින් 309 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි හෙට දිනයේදීද අදාල වැටලීම් කටයුතු සිදු කෙරේ