මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයා හැකි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ජනාධිපතිතුමාට දැනුම් දෙයි
රටේ ජනතාවගේ ප්රජාතාන්ත්රවාදය ආරක්ෂා කිරීම සදහා මහ මැතිවරණය පැවැත්විය යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි මේ වන විට අවසන් කොරෝනා පොකුර පමණක් සක්‍රිය මට්ටමේ පවතී කඩිනමින් රට විවෘත කිරීමට හැකියාවක් පවතින නිසා මහ මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාව පවතින බව ඔහු කියයි මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කල විමසුමේදී මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයා හැකි බව තමා දැනුම් දුන් බවද මාධ්‍යට අදහස් දක්වමින් අනිල් ජාසිංහ මහතා පවසයි