විදෙස්ගත ශ්‍රි ලාංකිකයෝ හතලිස් එක් දහසක් යලි පැමිණිමට ලියාපදිංචි වෙති

Share Button

කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් හතලිස් එක්දහසක් මෙරටට පැමිණිම සදහා තානාපති කාර්යාල සහ විදේශ දූත කාර්යාල වලට දැනුම් දී ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ජනාධිපති කාර්ය සාධන බලකාය අදාල තොරතුරු විශ්ලේෂණය කර විශේෂ වැඩපිලිවෙලක් යටතේ ඔවුන් මෙරටට ගෙන්වා ගන්නා බවයි

ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ විදේශගත ශ්‍රි ලාංකිකයින් 5300 කට අධික පිරිසක් දැනටමත් දිවයිනට ගෙන්වාගෙන ඇති බවයි ඔවුන් සියලු දෙනා නිරෝධායනයට යොමු කර ඇති අතර ඉන් පිරිසක් නිරෝධායනය සාර්ථකව අවසන් කිරිමෙන් පසු නිවෙස් වලට ගොස් ඇතැයි ද ඔහු කිවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *