ලබන සතියේ සිට දුම්ිරිය 27 ක් ධාවනයට
ලබන අගහරුවාදා දුම්රියෙන් සේවයට වාර්තා කිරිම සදහා දහසයදහස් හයසියයක පිරිසක් ආසන වෙන් කරගෙන ඇතැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී වජිර එස් පොල්වත්ත මහතා ජාතික ගුවන්විදුලියට පැවසිය පෙරවරුවේ කාර්යාලයට පැමිණිමට සහ පස්වරුවේ නිවෙස් වලට යාමට දුම්රිය ගමන්වාර 27 බැගින් ක්‍රියාත්මක කෙරේ ඊට අමතරව එදින බෙලිඅත්තේ සිට සහ මහනුවර සිට නගරාන්තර දුම්රිය දෙකක්ද ධාවනයට එක් කර ඇතැයි ද ඔහු කීවේය
කලින් ආසන වෙන් කර නොගත් අය සදහා ඉඩ ප්‍රමාණය අනුව ප්‍රථමයෙන් පැමිණෙන්නන්ට දුම්රියෙන් ගමන් කිරිමේ අවස්ථාව ලබාදෙන බවද ඔහු පැවසිය පසුගිය සතියේ සිදුකළ සමීක්ෂණයට අනුව හදුනාගෙන ඇත්තේ ආසන වෙන් කර ගත් අයගෙන් සියයට 50 කට වැඩිපිරිසක් පැමිණ නැති බවයි