අන්තර් පළාත් බස් සේවා ලබන අගහරුවාදා සිට

Share Button

අන්තර් පළාත් බස් සේවා ලබන අගහරුවාදා සිට ආරම්භ කරන බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත්වල එම සේවා ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍යවරයා ලංකා ගමනාගමන මණ්ඩලයට සහ ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබෙ බස් සේවා ආරම්භ කරනුයේ සෞඛ්‍ය උපදෙස් අනුවයි ඊට අදාල සාකච්ඡාවක් ජාතික ගමනාගමන කොමිසමේ අද පැවැත්විණි බස් රථ ධාවනය පෙරවරු 430 ට ආරම්භ වී පස්වරු 600 අවසන් වෙයි මාර්ග පහක් ඔස්සේ කොළඹට පැමිණෙන බස් රථ කොළඹ දක්වා ධාවනය නොකෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි කොළඹ නුවර මාර්ගයේ අන්තර් බස් ධාවනය කෙරෙනුයේ නිට්ටඹුව දක්වා පමණි කොළඹ පහ මාර්ගයේ බස් රථ මිනුවන්ගොඩ දක්වා පමණක් ධාවනය වේ ගාලුපාරේ පැමිණෙන අන්තර් පළාත් බස් ධාවනය වන්නේ පානදුර දක්වා පමණි හයිලෙවල් හා ලෝලෙවල් මාර්ගයේ ගමන් ගන්නා අන්තර් පළාත් බස්රථ අවිස්සාවේල්ල නගරයෙන් නතර කළ යුතුය අනුරාධපුර පුත්තලම කුලියාපිටිය සිට මීගමුව පාරෙන් කොළඹට පැමිණෙන බස්රථ මීගමුවට සීමා කෙරේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ධාවනය වන්නේ කොට්ටාව දක්වා පමණි ගාස්තු අය කළ යුත්තේ බස් රථ නවත්වන ස්ථානය දක්වා පමණි බස් රථවල බලපත්‍ර වලංගු කාලසීමාව ජුනි 30 දක්වා දිර්ඝ කර ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *