අන් අයගේ සංස්කෘතින් අනන්‍යතාවන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම රාමසාන් උත්සවයේදි වැදගත් බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි
අන් අයගේ සංස්කෘතින් අනන්‍යතාවන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම රාමසාන් උත්සවයේදි වැදගත් බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි අතීතයේ සිට මෙරට සියලු ජාතීන් සමගිව ක්‍රියා කළේය පටු දේශපාලන අර්බුද වෙලෙද තරගය ජනවර්ග බෙදීමට ලක් කළ බව ඔහු අද සුභාරති සංවාද මණ්ඩපයට එක් වෙමින් පැවසීය වෛරී ප්‍රකාශවලින් ඉවත්විය යුතුය එය සමාජය බෙදිමට ලක් කරන ප්‍රධාන කාරණයකි සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරය කිරීමෙන් වැලකිය යුතුය ජාත්‍යන්තර අභියෝග හදුනාගෙන ජාත්‍යන්තරය ජය ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුය දෙමල ඩයස් පෝරාව ද දිනා ගත යුතු වෙයි මෙරට පොදු නීතිය යල්පැන ගොස් තිබේ එහි වෙනස්කම් සිදු කිරීම අත්‍යවශ්‍ය වී ඇත දේශපාලනඥයන් ආගම දේශපාලනය කරා ගෙන යාම යෝග්‍ය නොවන බවද ඔහු කීවේය