මහ මැතිවරණයට පෙර සමගි ජන බලවේගයේ බෙදීමක් ඇතිවන ලකුණු
මහ මැතිවරණයට පෙර සමගි ජන බලවේගයේ බෙදීමෙක් සිදු වනු ඇතැයි දේශපාලන විචාරකයෝ කියති මේ වනවිටත් එම පක්ෂයෙන් නාම යෝජනා භාරදී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි ගම්පහ කොළඹ මහනුවර මාතලේ රත්නපුර බදුල්ල මොණරාගල සහ අනුරාධපුර යන දිස්ත්රික්කවල මන්ත්රීවරුන් පිරිසක් මේ අතර වන බව ආරංචි මාර්ග සදහන් කරයි මීට අමතරව තවත් දිස්ත්රික්ක කිහිපයක මන්ත්රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂය හා එක්වීමට කැමැත්තෙන් සිටින බව සදහන් වෙයි