විපක්ෂය බලය තිබෙන විටද ජනතාව ඉදිරියට යාමට බිය වු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් හෝ මහ මැතිවරණය පැවැත්විය නොහැකි බවට විපක්ෂය පවසන්නේ ජනතාව ඉදිරියට යාමට ඇති ඔවුන්ගේ බිය නිසා බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂාව මහ මැතිවරණය කල් දමා ගැනීමය මිනුවන්ගොඩ ප්‍රාදේශී සභා හා නගර සභාවේ මන්ත්‍රීවරුන් සමග අද උඩුගම්පල පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව කීය ප්රජාතන්ත්රවාදයට ගරු කරන්නේ නම් මේ අවස්ථාවේ ක්‍රියා කළ යුතු වන්නේ සෞඛය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඡන්දය පැවැත්වීමය ඡන්ද මධ්‍යස්ථානයට ඇතුඵවිය හැක්කේ වරකට එක් අයෙකුට පමණි එම නිසා ඡන්ද මධ්‍යස්ථානවල මීටරයක දුර ආරක්ෂා කිරීම ගැටඵවක් නොවේ යහපාලන රජය සමයේ සෑම විටම උත්සාහ කළේ ඡන්ද කල් දැමීමටය ඔවුහු මැතිවරණ භීතිකාවකින් පසු වෙති ජනාධිපතිතුමාට වැඩ කළ හැකි ආණ්ඩුවක් බලයට ගෙන ඒම අත්‍යවශ්‍ය වී ඇතැයි රණතුංග මහතා කියයි