කොරෝනා හේතුවෙන් මෙරට මියගිය සංඛ්‍යාව 10 ක් දක්වා ඉහලට – 695 කට සුවයි

Share Button

කොරෝනා ආසාදනය වීම නිසා මෙරට තවත් රෝගියෙකු මියගොස් තිබේ කුවේටයේ සිට පැමිණ ති්‍රීකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 51 හැවිරිදි කාන්තාවක් එසේ මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි ඇය පයාගල ප්‍රදේශයේ පදිංචිකාරියකි අදාල කාන්තාව හෘද රේා්ගි තත්ත්වයකින් ද පෙඵනු බව සදහන් වේ මෙරට කොරෝනා ආසාදිතයන්ගෙන් 695 දෙනෙකු සුවය ලබා තිබේ අද දිනයේදී තවත් ආසාදිතයෝ 14 දෙනෙක් හමුවුහ ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1162 කි මේ අතර කොවිඩ් ආසාදනය වී සුවය ලැබු තවත් නාවික හමුදාවේ 20 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ ඒ අනුව නාවික හමුදාවේ සුවය ලැබු සංඛ්‍යාව 313 කි රෝහල්වලින් පිටව ගියත් ඔවුන් සියලු දෙනා සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14 ක කාලයක් නිවසේ සිට නිරෝධායනය විය යුතුය ඒ අතරම බුස්ස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු අවසන් කළ තවත් පුද්ගලයින් 14 දෙනෙකු අද එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගියේය ඒ අනුව එහි තවදුරටත් ිනිරෝධායනය වෙමින් සිටින්නේ 85 ක පිරිසකි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *