සමාජ දුරස්ථ භාවය තබා නොගන්නා පිරිස් හෙට සිට අත්අඩංගුවට

Share Button

රට තුල ඇඳිරි නීතිය ඉවත් කළත් සමාජ දුරස්ථ භාවය පවත්වා ගනිමින් නිරෝධායන නීතිරිීතිවලට අනුකුලව ක්‍රියා කරන්නැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි සමාජ දුරස්ථ භාවය තබා ගැනීමට ක්‍රියා නොකරන නිරෝධායන නීති කඩ කරන අය අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බව ඔහු කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය ඒ බව දැනුම් දෙමින් සියලු පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් ද නිකුත්කර ඇත විශේෂයෙන් රට බීමහල් අසල මෙම නීති රීති අනුව කටයුතු නොකළහොත් ඒවායේ අයිතිකරුවන්ට එරෙහිව ද ක්‍රියා කෙරේ හෙට සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ඉලක්ක කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද පියවර ගෙන තිබෙ

මාස 2 කුත් සතියකට පසු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල අඛන්ඩව ක්‍රියාත්මක කෙරුනු ඇඳිරි නීතිය හෙට සිට ලිහිල් කෙරේ හෙට සිට සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය පැනවෙන්නේ රාත්‍රි 1000 සිට අලුයම 400 දක්වාය කොවිඩ් ව්‍යාප්තිය බොහෝ දුරට පාලනය වී ඇති බැවින් රජය මෙම ලිහිල් කිරීමේ ප්‍රතිපත්තිය ගෙන තිබේ ඇඳිරි නීතිය ලිහිල් කළද කර්මාන්ත ශාලා ආයතන කාර්යාල සහ වෙලෙදසල් පවත්වාගෙන යාමේදී මෙන්ම මගී ප්‍රවාහනයේදිත් සෞඛ්‍ය පිළිවෙත් මුඵමනින්ම අනුගමනය කිරීම අනිවාර්යය වෙයි රාජ්‍ය පෞද්ගලික ආයතනවල සේවයට කැඳවන සේවක සංඛ්‍යාව මෙන්ම කැදවන්නේ කුමන සේවකයන්ද පිළිබදව සෞඛ්‍ය මාර්ගෝපදේහ පදනම්ව ආයතන ප්‍රධානීන් තීරණය කළ යුතුය සෞඛ්‍ය නියමයන් පිළිපදිමින් එදිනෙදා කාර්යයන් හි නිරත වන්නැයි රජය ජනතාවගෙන් ද ඉල්ලා සිටී සමාජ දුරස්ථ භාවය මුඛ ආවරණ පැළදීම අත් සේදීම තවදුරටත් සිදු කල යුතුය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *