වැසි තත්ත්වයේ වැඩිවිමක්
දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවිමක් ඉදිරි දින කිහිපයේදි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය කෑගල්ල රත්නපුර කඵතර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ප්‍රදේශවල මිලිමිටර් 100 ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකිය සෙසු ප්‍රදේශවල අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ