අගෝස්තු පලමුවැනිදා සිට විදෙස් සංචාරකයින්ට ගුවන් තොටුපල විවෘත කරන්නැයි කොවිඩ් මර්දන කාර්යසාධන කමිටුවෙන් ජනාධිපතිතුමාට ඉල්ලීමක්

Share Button

අගෝස්තු පලමුවැනිදා සිට විදෙස් සංචාරකයින්ට ගුවන් තොටුපල විවෘතකර තබන ලෙස කොවිඩ් මර්දන කාර්යසාධන කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට යෝජනාකර සිටි අප්‍රේල් 30 වැනිදා සිට මේ දක්වා කොරෝනා වෛරසය ආසාදිත රෝගින් සමාජයෙන් වාර්තා නොවීම රට ලැබු ජයග්‍රහණයක් බව එම කමිටුවේ සාමාජිකයෝ පෙන්වා දෙති බිඳ වැටි ඇති සංචාරක කර්මාන්තය නැංවීමට ගතයුතු ක්‍රියාමාර්ග සහ සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පැවති සාකච්ඡාවේදී ඔව්හු මේ බව සදහන් කළහ සංචාරකයන් සදහා රට විවෘත කිරීම දේශිය සහ ජාත්‍යන්තර සෞඛ්‍ය උපදෙස් මත සිදුකළ යුතු බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේය ප්‍රමුඛතා හදුනාගෙන සංචාරක සහ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවිනයින්ගේ උපදෙස් විමසමින් ඉදිරි පියවර ගත යුතු යැයි එතුමා සදහන් කළේය පලමු අදියර යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ අවන්හල් අභ්‍යන්තර පරිහරණය සදහා විවෘත කිරීමට තීරණය කර තිබේ එහි ප්‍රගතිය අනුව ලියාපදිංචි නොකළ ආයතනවලද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධික්ෂණයෙන් සහ හමුදාවේ සහාය ඇතිව ආපනශාලා විවෘත කිරීමට පියවර ගැනේ සංචාරකයින් බහුල ප්‍රදේශවලට ප්‍රමුඛත්වය දෙමින් විදේශ භාෂා ප්‍රගුණ කළ විශේෂ පුහුණුවලත් පිරිසකගෙන් සමන්විත සංචාරක පොලිසි පිහිටුවීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේදී ඔවුන්ගේ රුචිකත්වය අධ්‍යයනය කර සංචාරක ප්‍රවර්ධන සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *