අයි එස් සංවිධානයට සම්බන්ධ 100 දෙනෙකු මෙරට සිටින බවට තොරතුරු ලැබි තිබු බව පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ විමර්ෂණය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ හෙලි වෙයි

Share Button

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය භාර වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස තමා කටයුතු කරන සමයේ අයි එස් සංවිධානයට සම්බන්ධ 100 දෙනෙකු මෙරට සිටින බවට එක්තරා සාකච්ඡාවකදී තමා දැනුවත් වු බව ත්‍රිකුණාමලය පොලිස් අධිකාරි කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරි බී අයි අයි ප්‍රසන්න මහතා පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය කොළඹ දිසාවට සම්බන්ධ බුද්ධි තොරතුරු රැස්කිරීමේ වගකීම සම්බන්ධයෙන් යම් අකාර්යක්ෂ්මතාවක් සිදුවී ඇතැයි පිළිගන්නා බව ඔහු සදහන් කළේය පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ලවන බවට ඊට පෙර තමන් නිසියාකාරයෙන් දැනුවත් නොසිටි බවද හෙතෙම ප්‍රකාශ කළේය ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හා කතෝලික දේවස්ථාන ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීමට නියමිත සහරාන් ඇතුඵ 06 දෙනෙකුගේ නම් සහිත බුද්ධි තොරතුරු අප්‍රේල් 11 වැනිදා තමන්ට ලැබුනු බවත් ඒ අනුව අප්‍රේල් 12 වැනිදා ඒ පිළිබඳ වගකිව යුතු නිලධාරින් දැනුවත් කිරීමට කටයුතු කළ බවත් කොමිසම ඔහු සදහන් කළේය ජාතික තවුහිද් ජමාත් සංවිධානය මුස්ලිම් ජනතාවගෙන් සුබසාධන කටයුතු වෙනුවෙන් ක්‍රියාත්මක වු බවට 2016 / 17 කාලයේ තමන්ට බුද්ධි තොරතුරු ලැබි තිබු බව සහකාර පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් සදහන් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *