පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත්කර ගැනීමට ජනාධිපතිවරයාට නීතිමය ප්‍රතිපාදන නැතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

Share Button

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත්කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට නීතිමය ප්‍රතිපාදන සලසා නැතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දන්වා සිටියේය ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ඇත්තේ විසුරුවනු ලැබු පළාත් සභාවක් නැවත කැදවීමට පමණක් බව මැතිවරණ දිනය අභියෝගයට ලක්කළ පෙත්සම් අඛණ්ඩව 06 වැනි දිනයට අද සලකා බැලු අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පැවසුවාය ඒ අනුව පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහන ලබාදිය නොහැකි බැවින් මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි ඇය ඉල්ලා සිටියාය රජයේ නිවාඩු දිනවල නාමයෝජනා පත්‍ර භාර ගැනිමට නිතිමය බාධාවක් නොමැති බවත් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින පරිදි මහ මැතිවරණය සදහා නාමයෝජනා පත්‍ර භාරගැනිම නිති විරෝධි බවට තීන්දු කරනු ලැබුවහොත් අලුතින් නාමයෝජනා පත්‍ර කැදවීමට පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ ප්‍රතිපාදන සලසා නැතැයි ද ඇය මෙහිදී ප්‍රකාශ කළාය අගවිනිසුරු ජයන්ත ජයසුරිය බුවනෙක අඵවිහාරේ සිසිර ද ආබෲ ප්‍රියන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලීම සිදුවෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *