රුසියාවේ දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඉහලට

Share Button

රුසියාවේ දෛනික වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ගතවූ පැය 24 තුළ වාර්තා වී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි ඒ අනුව ඉකුත් පැය 24 තුළ වාර්තා වූ මරණ 174 සමග වයිරසය හේතුවෙන් එරටින් වාර්තා වූ මුඵ මරණ සංඛ්‍යාව 3807 දක්වා ඉහළ ගොස් ඇත අද දිනයේ එරටින් හදුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 8915 සමග රුසියාවෙන් මේ වන විට හඳුනාගෙන ඇති ආසාදිත රෝගීන් සංඛ්‍යාව තුන්ලක්ෂ හැට දෙදහස් තුන්සිය හතළිස් දෙකකි මොස්කව් නගරයෙන් ආසාදිතයින් 2830 දෙනෙකු අලුතින් හදුනාගෙන ඇතඩ්€ඤු පුද්ගලයෝ එක්ලක්ෂ 31 දහස් 129 දෙනෙක් මේ වනවිට සුවය ලබා සිටිති

පකිස්ථානයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහලයාම හේතුවෙන් අගුඵ දැමිමේ සීමා යලි ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇතැයි එරට ප්‍රධාන පෙලේ සෞඛ්‍ය බලධාරියෙක් අනතුරු අගවයි වෛරසය හේතුවෙන් එරටේ පැනවු අගුඵ දැමිමේ සීමා මෙම මස මුල සිට අදියර කිහිපයක් යටතේ ලිහිල් කිරීමට රජය කටයුතු කළේය මේ වනවිට වෛරසය ආසාදිත රෝගීන් 57 දහසකට අධික සංඛ්‍යාවක් පාකිස්ථානයෙන් හදුනාගෙන ඇති අතර වෛරසය හේතුවෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව 1197 කි

තුර්කියෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගින් 987 දෙනෙකු අලුතින් හදුනාගෙන තිබේ ඒ අනුව එරටින් හදුනාගෙන ඇති මුඵ රෝගින් සංඛ්‍යාව එක්ලක්ෂ 57 දහස් 814 දක්වා ඉහල ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය වෛරසය හේතුවෙන් ගතවු පැය 24 තුළ එරටින් වාර්තාවු මරණ 29 ත් සමග මුඵ මරණ සංඛ්‍යාව 4369 ක් බවට පත්ව ඇත ඉකුත් පැය 24 තුළ ආසාදිත රෝගින් 1321 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *