අග්‍රාමාත්‍යවරයාගේ පනස් වසරක දේශපාලන දිවියට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් සුභ පැතුම්

Share Button

මෙරට පස්වන විධායක ජනාධිපතිවරයා වූ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට ඊයේ වසර පනහක් සම්පුර්ණ විය. 1970 මහ මැතිවරණයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා එම මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට ජන වරම ලබා ගත්තේ 1970 වසරේ මැයි මස 27 වනදා නිකුත් වූ මහ මැතිවරණ ප්‍රතිඵලවලට අනුවයි ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට දුරකථන ඇමතුමක් ලබා දුන් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය උණුසුම් සුභාශිංෂන පලකර ඇත රටේ සංවර්ධනයට මෙන්ම දේශපාලන ස්ථාවරභාවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ඉටු කරන මෙහෙවර ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පැසසුමට ලක් කර ඇත මේ අතර ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවය සම්බන්ධයෙන්ද ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සිය ශෝකය පලකර තිබේ ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන වැඩපිලිවල වෙනුවෙන් සහ දේශපාලන ස්ථාවරභාවය වෙනුවෙන් ඕනෑම අවස්ථාවට සහයෝගය ලබා දෙන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11