පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබු පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කෙරේ

Share Button

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සදහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද පස්වරුවේ තීරණය කළේය. දින 10 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංචපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් සලකා බැලීය. සමගි ජනබලවේගයඩ්€ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයඩ්€ ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ විකල්ප ප්‍රපත්ති කේන්ද්‍රය මාධ්‍යවේදි වික්ටන් අයිවන් ඇතුඵ පාර්ශ්ව 07 ක් මෙම පෙත්සම් ගොනුකර තිබුනි. එම පෙත්සම්වලට එරෙහිව තවත් පාර්ශ්ව 15 ක් අතරමැදි පෙත්සම් ගොනුකර තිබුනි. මේ පිළිබඳව අදහස් දැක්වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරා මහතා පැවසුවේ දේශපාලන පක්ෂ කිහිපයක් හා රාජ්‍ය නොවන කල්ලි කිහිපයක් මහ මැතිවරණය සම්බන්ධයෙන් විශාල බියකින් සිටින බවයි. මේ නිසා ඔවුන්ගේ නියෝජිතයන් යොදා ගනිමින් මැතිවරණය කල් දැමිමට විවිධ උපායමාර්ග අනුගමනය කරමින් සිටින බව ඔහු කීවේය. මැතිවරණ කොමිසම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනි සිටින බව විශ්වාස කරන බවද ඔහු කීවේය. ශ්‍රේෂ්ඨාධිකරණය ගත් මෙම තීන්දුව ජනතා පරිමාධිපත්‍ය සුරැකීමක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු එම අදහස් පළ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සදහා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බව මෙම තින්දුවෙන් ලබාදෙන බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සදහන් කළේය.

ජනාධිපතිවරයා කිසිදු ආකාරයකින් ව්‍යවස්ථාව උල්ලංගනය නොකළ බව මෙම තීන්දුවෙන් පැහැදිලි වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යු. ආර්. ද සිල්වා මහතා කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *