කොළඹ නගරයේ මංතීරු නීතිය නැවතත් ක්‍රියාත්මකයි

Share Button

අද සිට විශේෂ සැලැස්මකට අනුව කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සහ මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි ඒ අනුව අද දිනයේ සිට ලබන 22 වැනිදා දක්වා පොලිස් නිලධාරිහු මේ පිළිබඳව රියදුරන් දැනුවත් කරත 22 වැනිදා සිට මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ උදෑසන 600 සිට උදෑසන 900 දක්වා කොළඹට පැමිණිමේදී සහ සවස 400 සිට සවස 700 දක්වා කොළඹින් පිටවිීමේදී කොළඹ ඕල්කොට් මාවත රීගල් කුමාරරත්නම් පාර පිත්තල හන්දිය පුස්තකාල වටරවුම හා කොල්ලුපිටිය දක්වා මාර්ගයේ මෙම නීතිය ක්‍රියාත්මකයි සවස 500 සිට රාත්‍රි 800 දක්වා කොළඹින් පිටවීමේදී ගල්කිස්ස මැලිබන් හන්දියේ සිට මොරටුව කුරුස හන්දිය දක්වා මාර්ගයේ ද මෙම නීතිය ක්‍රියාවට නැංවේ පුද්ගලික හා ලංගම බස්රථ ආසන 20 ට වැඩි බස්රථ සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරන පොදු ප්‍රවාහන බස් හා වෑන්රථ පමණක් මෙම නීතිය අනුව ධාවනය කළ යුතුය අලුතින් පටන් ගමු මහ මග විනය ඇති කරමු යන තේමාව යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *