නවීන තාක්ෂණයෙන් යුත් නව දුම්රිය පාලක මැදිරියක්

Share Button

නවීන තාක්ෂණයෙන් යුත් නව දුම්රිය පාලක මැදිරියක් ඉදිකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි එස් එම් අබේවික්‍රම මහතා පවසයි. මරදාන හා කොටුව දුම්රිය ස්ථාන අතර එය ඉදිකෙරේ. ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ඒ සදහා ලබා ගැනේ. ගොඩනැගිලි ඉදිකිරීමට අක්කරයක පමණ භුමිභාගයක් වෙන් කර ගෙන ඇත. අදියර 3 ක් යටතේ ඉදිකිරීම් සිදු කෙරේ. පළමු අදියර සදහා ඇමරිකානු ඩොලර් මිලියන සියයක් වෙන් කර ඇත. එම අදියරේ ඉදිකිරීම් මේ වසරේ දී ආරම්භ කෙරේ. යෝජිත විදුලි දුම්රිය සහ මෙගාපොලිස් වැඩසටහන යටතේ යෝජිත කඩුවෙල-බත්තරමුල්ල හරහා දිවෙන දුම්රිය සේවයට වඩාත් යෝග්‍ය වන පරිදි මෙම නව පාලක මැදිරිය ඉදිකෙරෙනු ඇත. නව මැදිරිය නවීන තාක්ෂණයෙන් යුතු වන අතර එමගින් දුම්රිය සංඥා පද්ධති නවීකරණය කෙරෙන අතර ස්වයංක්‍රීය විදුලි දුම්රිය ගේට්ටු ක්‍රමයක් ද ස්ථාපිත කෙරේ. මෙමගින් දැනට සිදු වන දුම්රිය ප්‍රමාද හා සංඥා පද්ධතියේ අඩුපාඩු මගහැරී යනු ඇතැයි සාමාන්‍යාධිකාරිවරයා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *