ඉන්දියාවේ මුම්බායිහි කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව පනස් දහස ඉක්මවයි

Share Button

ඉන්දියාවේ මුම්බායි නගරයේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව පනස්එක්දහස ඉක්මවයි. එය චීනයේ වූහාන් හි ආසාදිත සංඛ්‍යාව ඉක්මවා යාමකි සමස්ත ඉන්දියාවෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් දෙලක්ෂ හැටහය දහස් පන්සිය අනුඅටදෙනෙකු වාර්තා වී තිබේ. මුම්බායි හි අගනගරය වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව අනුදහසකට අධික වේ. දිල්ලි නගරයෙන් ද කොරෝනා ආසාදිතයන් බහුල වශයෙන් වාර්තා වේ. එහි බලධාරින් පෙන්වා දෙන්නේ ලබන ජුලි මස අවසන්වනවිට නවදිල්ලි නගරයේ ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවනු ඇති බවයි. ඉන්දියාව මාස 03 කට අධික කාලයක් වසා දැමිමෙන් පසු සීමා ලිහිල් කිරිමට ගත් තීිරණය හේතුවෙන් කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *