මැදි සහ අඩු ආදායම්ලාභින් වෙනුවෙන් නිවාස

Share Button

මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට යොමු වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රාජ්‍ය නිර්මාණ නීතිගත සංස්ථාවට උපදෙස් දෙයි. එම ආයතනයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සදහන් කළේය. සම්ප්‍රදායික රටාවෙන් බැහැරව රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත් ිකිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් සකස් කරන්නැයි ජනාධිපතිතුමා සදහන් කළේය. රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයේ නව ඉදිකිරීම් අවස්ථා අත්කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන් අතර පුද්ගලික අංශය සමග තරග කළ හැකි අන්දමට ගුණාත්මක භාවය සහ ප්‍රමිතිය වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *