යුද්ධයෙන් විනාශ වු උතුරේ ජනතාවගේ ප්‍රාග්ධනය යලි ස්ථාවර කිරීමට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනින් හැකියාව ලැබෙනු ඇතැයි අගමැතිවරයා පවසයි

Share Button

2015 ජනවාරි 08 වැනිදා වත්මන් රජය ලැබු ජයග්‍රහණයත් සමග යාපනයේ ජනතාවගේ ජනජිවිතයේ ස්ථාවරත්වයක් ඇතිවු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි. අගමැතිවරයා මේ බව පැවසුවේ ලංකා බැංකුවේ යාපනය ශාඛාවේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය කවුඵව විවෘත කිරිමේ අවස්ථාවට අද එක් වෙමිනි. එම ස්ථාවරත්වය මත යාපනයේ මුල්‍ය ආයතනවල ඉතා හොඳින් ඉතුරුම් පවත්වා ගෙන යාමට ජනතාවට හැකියාව ලැබී තිබේ. එදා උතුරේ යුද්ධය නිසා විනාශ වු ජනතාවගේ ප්‍රාග්ධනය යලිත් ස්ථාවර තත්ත්වයකට පත් කිරීමට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනින් හැකියාව ලැබෙනු ඇතැයි අගමැතිවරයා පැවසිය. රජයේගම්පෙරළිය වැඩසටහන යටතේ උතුරේ ගම්මාන වැඩිදියුණුව කෙරේ. සංචාරක කර්මාන්තයේ සංවර්ධනය තුලින් ද උතුරේ ජනතාවට ආර්ථික ප්‍රතිලාභ ලබා දීමට නියමිතයි. රජයේ මෙ වැඩපිළිවෙළට සහාය දී තම ආර්ථිකය ශක්තිමත් කර ගැනිමට එක් වන ලෙස අගමැතිවරයා උතුරේ ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.
සාර්ථක සැලසුම් පැවතිය ද නව ව්‍යවසායකයන්ට ඉදිරියට ඒමට තිබු බාධා එන්ටප්‍රයිස් ශ්‍රිී ලංකා වැඩසටහනින් ඉවත්වන බව මෙම අවස්ථාවට එක්වු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසිය. මෙතෙක් කාලයක් ව්‍යවසායකයන්ට ඇපකරුවන් නොමැතිව ණය නිකුත් කිරීමට මුල්‍ය ආයතන පසුබට විය. එමගින් ව්‍යවසායකයන් අධෛර්යයට පත් විය. එන්ටප්‍රයිස් ශ්‍රිී ලංකා වැඩසටහනෙන් නව ව්‍යවසායකින්ට පැකිලීමකින් තොරව තම අරමුණු ඉටු කර ගැනීමටත් එමගින් රටේ ආර්ථිකයට දායක වීමටත් හැකියාව ලැබෙන බව ඇමතිවරයා කිවේය.
හඩ පටය
මීට සමගාමිව මහජන බැංකුවේ සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ යාපනය පිහිටි ශාඛාවල එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ණය කවුථ විවෘත කිරීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සිදුවිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *